BREAKING NEWS
Search

දේහය සහිත පෙට්ටිය නිවස තුළට රැගෙන විත් නිසි පරිදි තබා විවෘත කළේය. ඒ අවස්ථාවේදී ඥාතීහු මුහුණට මුහුණ බලමින් කොදුරන්නට වූහ – මිනිය මාරු වී වෙච්ච ඇබැද්දිය

4115

කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි නොකා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේ ය මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර අවසන් කටයුතු කිරීමට සුදුසු පරිදි සකස් කර දෙන ලෙ ස මල් ශාලාවකට භාරදී තිබුණි. ඒ අනුව ඥාතීන් මල්ශාලාවට ගොස් , මියගිය අයට සුදු අත්දිග කමිසයක්, ටයි පටියක්, කලිසමක් අන්ද වන ලෙ ස පවසා ඇත. එදින රාත්‍රී මළ සිරුර නිසි පරිදි සකස්කර මල්ශාලා සේවකයෝ  අදාළ නිවසට රැගෙන ආහ.

එසේ පැමිණි සේවකයන් පාවාඩ, උඩුවියන්, ඇත් දළ, මල් වර්ග, විදුලි බුබුළු සවිකිරීමෙන් අනතුරුව දේහය සහිත පෙට්ටිය නිවස තුළට රැගෙන විත් නිසි පරිදි තබා විවෘත කළේය. ඒ අවස්ථාවේදී ඥාතීහු මුහුණට මුහුණ බලමින් කොදුරන්නට වූහ. දේ හයට ඇන්ද වීමට කිව් අත්දිග කමිසයට අමතරව කළු කෝට් එකක්ද දේහයට අන්දවා තිබිණි. දේහය ඥාතීන් විසින් විමසිල්ලෙන් පරීක්ෂා කිරීමෙන් තම ඥාතියා නොවන බව වැටහිණි. ඒ බව මල්ශාලා සේවකයන්ට පැවසූ නමුත් ඔවුන් කියා සිටියේ ඔවුන් භාර දුන් සිරුරම බවයි. එවිට ඥාතීන් මල්ශාලා සේවකයන්ට පහර දීමට තරම් කේන්ති ගොස් තිබූ අතර කෙසේ නමුත් මල්ශාලා සේවකයින් විසින් පෙට්ටිය සහ උපකරණ නැවත වාහනයට දමා හනික මල්ශාලාවට රැගෙන ගියේය.

පසුව ඥාතීහුද නැවත මල්ශාලාව වෙත ගියහ. ඒ වනවිට මල්ශාලාවේ සකස් කිරීමට මළසිරුරු කීපයක් තිබූ අතර මල්ශාලා සේවකයන්ට ද එය ප්‍රශ්නයක් විය. පසුව මල්ශාලාවට මළ සිරුරු භාරදුන් කීපදෙනාම නැවත මල් ශාලාවට කැඳවීය. ඒ අනුව පැමිණි ඥාතීන් තම ඥාතියාගේ සිරුරු හඳුනා ගැනීමක් සිදුකළ අතර, පෙර කී පුද්ගලයාගේ මළ සිරුර ඒ වන විටත් එම්බාම් කරමින් තිබුණු බව පැවසේ . වෙනත් අයෙකුගේ සිරුරක් එම නිවසට රැගෙන ගොස් ඇති බව සේවකයන්ට අවබෝධ විය. ඒ අනුව ඔවුහු සිද්ධියට සම්බන්ධ ඥාතීන්ගෙන් සමාව අයැද සිටියහ.

පසුව ඔවුන්ගේ ඥාතියාගේ සිරුර නිසි පරිදි සකස්කර නිවසට රැගෙන යාමට සිදුවිය. කෙසේ නමුත් මල් ශාලාවේ කළමනාකාර තැන විසින් එහි සේවකයන්ට නොයෝග කර ඇත්තේ මින් ඉදිරියට දේහයන් බාර දෙන අවස්ථාවේදී ඒවාට අංක (ටැග්) යොදාගන්නා ලෙසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *