BREAKING NEWS
Search

පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

140

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මීට වසර 22කට පමණ පෙර කොළඹ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියමකර තිබේ.

එම ඝාතනය 2002 වසරේ අගෝස්තු මස 08 වනදා සිදුකර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම නියෝගය නිකුත් කළේය.

එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ති‌බේ.

සින්නයියා නඩේෂන් නැමැත්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *