BREAKING NEWS
Search

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බැංකු පොලියෙන් සලකන්න ගිහින් ආණ්ඩුවට වෙච්ච දේ

182

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට සියයට 15ක පොළියක් පසුගිය කාලයේ දී දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 10,800ක හිඟ මුදලක් තවමත් ගෙවීමට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.

මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

වැඩිහිටි ජනතාවගේ බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.වැඩිහිටි ජනතාවගේ බැංකු ගිණුම්වල පොලිය සියයට දහසයේ සිට සියයට නවය දක්වා අඩුකර ඇති බව පැවැසූ සියඹලාපිටිය මහතා පවතින මුදල් ප්‍රවාහ අනුව මෙම ගැටලුව සඳහා විසඳුම් දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය. මේ අතර මාසික පොලිය ලක්ෂයකට වඩා අඩු පිරිසකගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අංජුල මහික වීරරත්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *