BREAKING NEWS
Search

ගැබ්ගත් 14 හැවිරිදි දැරියට ගැබ අත්හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

371

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලිංගික හිංසනයකින් ගැබ්ගත් 14 හැවිරිදි දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලිංගික හිංසනයෙන් ගැබ්ගෙන ඇති ඇගේ කළලයට සති 30කට ආසන්න බවත්, ඇය තමා ගැබ්ගෙන ඇති බව දැනගෙන ඇත්තේ පසුව බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගැබ්ගැනීම අවසන් කිරීමේ පනත මගින් විවාහක කාන්තාවන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අය ඇතුළු ආබාධිත සහ බාල වයස්කරුවන් වැනි විශේෂ කාණ්ඩවල සිටින අය සඳහා ගබ්සා කළ හැකි සීමාව සති 24 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් අවසර ලබාදීම ඉතාමත් කලාතුරකින් සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය අගවිනිසුරු ඩී. චන්ද්‍රචුඩ් සහ විනිසුරු ජේ. බී. පර්දිවාලාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් “වින්දිත බාල දැරියගේ කැමැත්තට එරෙහිව ඇය දිගටම ගැබ් ගෙන සිටීම ඇගේ ශාරීරික හා මානසික යහපැවැත්මට බලපෑ හැකියි” යන වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශයට එකඟ වී තිබෙනවා.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටියේ යම් අවදානමක් ඇති නමුත්, එය ගැබ් ගැනීමේ කාලය සම්පූර්ණ කළහොත් දරු ප්‍රසූතියේදී ඇති විය හැකි ජීවිත තර්ජනයට වඩා තර්ජනයක් නොවන බව වෛද්‍ය මණ්ඩලයේ මතය වූ බවයි එහිදී සඳහන් කර ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *