BREAKING NEWS
Search

ශ්‍රී පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සෙවීමේ මෙහෙයුම් නවතා දමයි

471

ඉකුත් (19) දින උදැසන 10 ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහලට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහලට පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

අතුරුදහන් වු තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහලට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහලට බැස (20) දින සිට මෙහෙයුමක් දියත් කර තිබුණද අතුරුදහන් වු තරුණයා පිලිබදව කිසිදු තොරතුරක් නොලැබුණු නිසා  තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු අද (21) දින පස්වරුවේ නතර කල බව ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණදෙණ නිලධාරිවරයා පැවසිය.

පහලට පැන ඇති තරුණයා රක්ෂිතය දිගේ පහලට පැමිණ පලා යන්නට ඇති බව ආරක්ෂක අංශ නිලධාරින් සැකකරන අතර , එම තරුණයා ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැනිමට ප්‍රථම ශ්‍රි පාද උඩ මළුවේදි සිහි විකල්ව සිටි බවට තොරතුරු අනාවරණය වි ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *