BREAKING NEWS
Search

ඔබේ දරුවාත් ප්‍රවේශම් කරගන්න.. අවුරුදු කාලයෙන් පස්සේ පැතිරයන දරුණු රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්..

487
මේ කියන්න යන්නේ ඔබටත් මේ දවස්වල ගොඩක් වැදගත්වෙන කතාවක්.. ඔබටත් දරුවෙක් ඉන්නවා නම්, ඔබත් මේ ගැන සැලකිලිමත් වෙන්න..

අලුත් අවු­රුදු කාල­යෙන් පසු කුඩා දරු­වන් අතර පාච­නය රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඊයේ පැවසුවා..

උත්සව කාලයේ ගමන් බිමන් යෑමත් සමඟ මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර ගැනීම හේතු­වෙන් මෙලෙස පාච­නය රෝගය ව්‍යාප්ත වීමක් සිදුව ඇතැ­යිද ඒ ඔහු පැවසුවා..

වම­නය, බඩ­එ­ළිය යෑම පාච­නයේ රෝග ලක්ෂණ වන අතර, මේ රෝග ලක්ෂණ තිබේ නම් සුදු­සු­කම් ලත් වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ප්‍රති­කාර ගත යුතු බව විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා..

පාච­නය රෝගය සඳහා විශේ­ෂ­යෙන්ම බැදි හාල් කැඳ ආහා­ර­යට දීම සුදුසු බවද ඒ ඔහු පැව­සුවා..

පාච­නය රෝග­යට අම­ත­රව දරු­වන්ගේ හතිය ද ඉහළ ගොස් ඇති අතර ඉන්ෆ්ලු­වෙන්සා, වයි­රස් උණ රෝගද මේ දින­වල දරු­වන් අතර ව්‍යාප්තව ඇති බව හෙතෙම පැවසුවා…

දරු­වන්ට මේ කුමන හෝ රෝග ලක්ෂ­ණ­යක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේ­කය දීමට මවු­පිය වැඩි­හි­ටි­යන් කට­යුතු කළ යුතු බවත්, ප්‍රති­කාර සඳහා දරු­වන් යොමු කළ යුතු බවත් ඒ ඔහු  වැඩි දුර­ටත් ප්‍රකාශ කලා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *