BREAKING NEWS
Search

පිරිමියා කියන චරිතය මෙච්චර පල්ලෙහාට වැටුන එකනම් දුකක් -හිමායාගෙන් රසිකයන්ට සැර උත්තරයක්

166

දෙවනි ඉනිම ටෙලිනාට්‍යය සොනාලි ටීචර් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නවා.

ඇය නමින් හිමායා බණ්ඩාර.ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න ඇයට හැකියාව ලැබුණා.

ඊට අමතරව ඇය ටෙලි නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය දැක්කුවා.

එනිසාම ක්ෂේත්‍රය පුරාවටම හිමායා කිව්වහම ප්‍රසිද්ධයි.

නමුත් පසුගිය කාල සීමාවේදී නම් අපිට ඇය ගැන වැඩිය අහන්න දකින්න ලැබුණේ නෑ.

රටක් දිනවන ඇය ගැන සමාජ මාධ්‍යයේ ලියවෙන බොහෝ සටහන් අතරෙ, ජනප්‍රිය රංගන ශිල්පිනි හිමායා බණ්ඩාර සිය ෆේස්බුක් ගිණුමට චමරි සම්බන්ධයෙන් එක්කාසු කරන සටහන්වලට කාගෙත් වැඩි අවධානයක් යොමුවෙලා.

ඒ, තරමක විවේචනාත්මක ප්‍රතිචාර සහිතව කිව්වොත් හරි.

සරලවම කිව්වොත් හිමායා කියන්නෙ ක්‍රිකට් පිස්සියක්.

ඈගෙන් මඟෑරෙන ක්‍රිකට් මැච් එකක් නැති තරම්. සමාජ මාධ්‍යයේ ඇය වඩාත් සක්‍රීය වන්නේත් ක්‍රිකට් උණුසුම වැඩි කාලෙට.

ඉතින් ඔය විදියට මෙරට කාන්තා ක්‍රිකට් ගැනත් චමරි අතපත්තු ගැනත් හිමායා තබන සටහන්වලදි, හුවමාරු කරන පෝස්ට්වලදි ඊට ලැබෙන ප්‍රතිචාර තරමක විවේචනාත්මකයි.

ඇය පළකළ මේ පෝස්ටුවටත් ඒ විදියට ප්‍රතිචාර ලැබී තිබෙනු දැකිය හැකි වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *