BREAKING NEWS
Search

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට ඇවිත්

4247

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩි සෝසා නම් කාන්තාවකි. එරිකා රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුව රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයෙකු බවත් දෙදෙනා ඥාතීන් බව මූලික විමර්ශන වලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ මාමේ ණය ගන්න අත්සන් කරන්න මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න යනුවෙන් එරිකා මළ සිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි බ්‍රසීල පොලිසිය පැවැසුවේය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *