BREAKING NEWS
Search

වඩයයි – පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට

342

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

කළුතර නගරයේ සැරිසරමින් සිටි සංචාරක මඟ පෙන්වන්නෙකු විදේශිකයාට උදව් කරන මුවාවෙන් කළුතර නගරයේ පිහිටි අවන්හලකට රැගෙන ගොස් උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් මිලදී ගැනීමට සලස්වා තිබේ.

පසුව බෙල්ජියානුවා සංචාරක මඟ පෙන්වන්නා ගෙන් එහි මිල විමසා ඇති අතර , මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ.

මිල අදහා ගත නොහැකි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළඳ සැලෙන් පිටව ගොස් ඇති අතර, සියල්ල ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ.

ඔහු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටිමින් මහමග ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් උළුඳු වඩේ එකක මිල විමසා ඇති අතර, එහි සාමාන්‍ය මිල රුපියල් 150 ක් පමණ වන බව ඇය විසින් දැනුම් දී තිබේ.

බෙල්ජියම් ජාතිකයා එය ද සිය ජංගම දුරකථනයේ පටිගත කොට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, එය නිරීක්ෂණය වීමෙන් පසු සංචාරක පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට ගෙන අධික මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියාටද නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *