BREAKING NEWS
Search

දරුවාගේ ගෙලට පිහියක් තබා මවගේ ආභරණ කොල්ලකාලා

135

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ  යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.

වව්නියාව දකුණ කලාප අධ්‍යාපන කාර්යාලය ආසන්නයේදී මෙම සිදුවීම වී ඇතැයි පොලීසිය කියයි.මෙම කාන්තාව වව්නියාව නගරයේ පිහිටි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට යතුරුපැදියකින් සිය දරුවාද සමග ගමන්කොට ඇත්තේ සිය රාජකාරී උදෙසාය.

එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් යතුරුපැදිය නවතා යතුරුපැදියේ සිටි දරුවා ද බිම  දමා ඇය පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *