BREAKING NEWS
Search

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා

212

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි අවුරුදු හතරක් වයසැති දරුවකුට ඉකුත් (16) වැනිදා සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.

දරුවාගේ මවුපියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීතිවිරෝධී මත් දියර පානයට ඇබ්බැහි වී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක දරුවාට සීනිකරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව පොලීසියට පැමිණිලිකර අැත.

ඒ අනුව දරුවා රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *