BREAKING NEWS
Search

14 රෑ කිරිබත් කට කවලා අද එකපාරටම…. – නිළි ගීතිකා රාජපක්ෂගේ පියා අභාවප්‍රාප්ත වෙයි

922

ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ බව සඳහන්.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (18) දහවල් පොල්ගහවෙල දී සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

පියාගේ වියෝව පිළිබඳව ගීතිකා රාජපක්ෂ සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

”මේ ලෝකෙ මං වැඩිපුරම ආදරේ කල කෙනා….

මටත් කාටත් වඩා නිහඩව ආදරේ කල කෙනා…

මගෙ මැනික මගෙ මැනික ඔව් ඔයාට මං කිව්වෙ මගෙ මැනික

ඔයාට පුංචිම හෝ රිදදීමක් වෙනවට ආස නැති

ඉන්ජෙක්සන් ගහද්දිත් මං දන්නවනෙ රිදෙනව කියල ඔයාල මං අල්ලගෙන ලග ඉන්නව

ඒක මහා බැදීමක් මගෙ තාත්තේ…

ඒක මහා ලොකුම ලොකු බැදීමක්

මගෙ මැනිකව මේ සැරේ ලෙඩ කලේ මට මොන ලෝකෙ ගෙනිහින්වත් හොදකරගන්න බැරි වෙන විදියට

මගෙ මැනික එයාවත් දන්නැතිව යන්න ගියා

මං මහා තනිකමක් දැනෙනව මගෙ තාත්තේ…

මට කිසි බලාපොරොත්තුවක් නෑ දැං තාත්තේ…

මහා පිංවන්ත මගේ ආදරනීය තාත්තා (චූටි මහත්තයා) අමා මහ නිවනින් සැනසේවා…”

මේ අතර, පියාගේ හදිසි අසනීප තත්ත්වය පිළිබඳව ද මීට ඉහත ඇය විසින් මෙලෙස සඳහන් කර තිබුණා.

”14 රෑ 12 ට කිරිබත් කට කවල අද එකපාරටම හොස්පිටල් ඇදේ …

ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් , දලදා වහන්සේගේ පිහිටෙන් ,තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන්,

මාගේ තාත්තා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා….

හාස්කමක් වෙනවානම් මගෙ ජීවිතේ මං ඉල්ලන එකම හාස්කම

මගෙ තාත්තට සිහිය ඒවා…

ශරීරයේ ඇති තත්වය සාමාන්‍ය අතට පත් වේවා..

සුවපත් වේවා නිරෝගී වේවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *