BREAKING NEWS
Search

අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටෙයි… කොඩිය ගන්න සූදානම් වූ සැණින් තරුණ පිරිස මුහුණුදුන් අවසානාවන්ත ඉරණම…

277
ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති  අවුරුදු උත්සවයක මෙය සිදු වී තිබෙනවා. එහිදී සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස මෙසේ කඩා වැටි ඇත.

මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ග්‍රීස් ගස සඳහා රුපියල් පහළොස් දහසක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබූ අතර ඒ සඳහා තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව සිටියහ.

මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබුණි.

පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩි ලීය ගැනීමට සූදානම් වූවා පමණයි පස්දෙනකුගේ බර දරා ගැනීමට නොහැකි වූ ග්‍රීස් ගස මුලින්ම කැඩී බිමට වැටුණේ තරුණ පිරිසද සීසී කඩ විසි කරමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *