BREAKING NEWS
Search

දුම්රියක් වේදිකාවේ හැප්පූ රියදුරාට වෙච්ච දේ

503

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ මහතා මේ බව සඳහන් කළේය.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබුණි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බව එන්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *