BREAKING NEWS
Search

අනේ එයාට සිහිය නැති වුණා.. ටිකක් ඇවිල්ලා බලන්න පුළුවන්ද..? හෝටල් කාමරයක මියගිය 23 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක්..

549

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ තවත් එක් අභිරහස් මරණයක්..

අගක් මුලක් සොයාගන්න බැරි වුණ මේ කතාව ගැන බොහෝ දෙනාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..

අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා..

මෙලස මියගොස් ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්..

ඊයේ සවස හෝටලයේ නවාතැන් ගෙන සිටි යුවළක් අතරින් කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා…

මියගිය තරුණිය පුද්ගලයෙකු සමග ඊයේ සවස අදාළ හෝටලයට පැමිණ එහි කාමරයක නවාතැන්ගෙන ඇති අතර, ඊට ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර තිබෙනවා..

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ..

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *