BREAKING NEWS
Search

පොලිස් පහරින් සාජන් පුතාගේ වුෂණ කෝෂ කපා ඉවත් කරලා

1009

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙසේ තුවාල ලබා සිටින්නේ මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ දිලීෂ සංගීත් නමැති තරුණයෙකි.

මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරු කර යවනු ලැබ සිටිති.

මෙම පහරදීම සිදු වී ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

තරුණයා ලොරියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති පොලිසි නිලධාරීන් දෙදෙනකු ලොරිය මඟ හරස් කර නතර කරවාගෙන තමාටත් තමාගේ යහළුවකුටත් අත පය ගැට ගසා වාහනයකට දමා පහර දුන් බවට ඔහුගේ මව මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *