මටත් සමතැන ඕනේ… සමතැන ඉල්ලූ බිරිඳව පොල් කඩන්න ගහට යවපු කෑගල්ලේ තරුණයා

2212
පිරිමින් හා සමාන අයිතයක් තමන්ටද ලැබිය යුතු බවට තර්ක කළ බිරිඳව පොල් කැඩීම සඳහා ගහට නැංවීමට උත්සාහ කළ තරුණයෙකු පිළිබඳව  වාර්තා වෙනවා.

ඒ කෑගල්ලට නුදුරු ගම්මානයකින්.අදාළ තරුණ කාන්තාව තවත් කතුන් පිරිසක් හා එක්ව මෑතක සිට සමිතියක් පිහිටුවාගෙන ඇති අතර ඔවුන් නිතරම පාහේ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඇය විසින් සැමියාටද වරින්වර මේ පිළිබඳව පැහැදිලි කිරීමට ගොස් තිබෙනවා.

පසුගිය දිනයකදීද මෙවැන්නක් සිදුව ඇති අතර,”පිරිමින් හා සමානයි”නම් තමන් වෙනුවට ගසට නැඟ පොල් කඩන ලෙස ඔහු බිරිඳට පවසා ඇයව ඔසවාගෙන ගොස් ගසේ මඟක් දුර නංවා තිබෙනවා.

එහෙත් ඇගේ කෑ ගැසීම ඇසුනු අසල්වැසි නිවසේ අය පැමිණ සමථයකට පත් කොට තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *