BREAKING NEWS
Search

පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවා දුම්රියට බිලි

216

විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ  පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම් ආර් රන්තරු නමැති දරුවාය.

මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබි ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රිය ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ක්ෂණයකින් බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී දුම්රිය හරස් මාර්ගය හරහා දරුවා ගමන් ගත් පාපැදියේ ගැටීමත් සමගම දරුවා මීටර් 13 ක් පමණ ඈතට විසි වීමත් සමගම දුම්රියද ඒ අසන්නේ නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *