BREAKING NEWS
Search

දරුවෝ දෙන්නත් එක්ක මහේෂි විදෙස්ගත වෙයි?

367

මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.

බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.

දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.

ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.

ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.

ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .

ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.

පුංචි තිරය හැඩකළ මහේෂි නුදුරේදීම විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.

ඒ ගැන ඇය කිහිප විටකදීම ප්‍රසිද්ධියේ ම කියලත් තිබුණා.

ඈ එහෙම විදෙස්ගත වීමට තීරණය කිරීම ඈට ආදරේ කරන කාටත් දුකට කාරණයක් වී ඇති හැඩයි.

මොකද මහේෂි කියන්නෙම මතක හිටින චරිත රැසක් එක්ක ආලින්දයට ගොඩවැදුණු දක්ෂ රංගන ශිල්පිනියක් වීම නිසාවෙන්..

ඈ ලබන ආදරේ කෙතරම් ද කිව්වොත් ගෙවුණු දවසක සිය රසික සමූහයාගෙන් මහේෂි ටිකක් විතර බැනුම් අහලත් තිබුණා.

කොහොම නමුත් ”විදෙස්ගත වීම” කියන්නෙ මහේෂිට අමුතු කාරණාවක් නෙවෙයි.

ඇගේ විදෙස්ගත වීම් ගැන නිතර නිතර අහන්න දකින්න ලැබෙනවා.

මහේෂිට ආදරේ කරන ඔබ ඒ ගැන හොඳාකාරවම දන්නවා ඇති.

මොකද මහේෂි කියන්නෙ සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක්.

ඒ නිසාම ඇගේ ජීවිතේ සෑම සොඳුරු මොහොතක් ගැනම රසිකයින්ට කියන්න ඇය අමතක කරන්නෙ නෑ.

අන්න ඒ විදියටයි, මේ ඡායාරූපයත් මහේෂි සිය සමාජ මාධ්‍ය වේදිකාවන්ට එක්කාසු කර තිබුණේ.

ඡායාරූපයත් එක්ක ඈ තබා තිබූ සටහන තමයි මේ..

”පරිස්සමින් ඉන්න හැමෝම ඉක්මනට හමුවෙමු බුදුසරණයි”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *