BREAKING NEWS
Search

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු දිවි ගමනට තිත තබයි

890
මේ කියන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට ඉතාමත් දුක හිතෙන කතාවක්.

නවසීලන්ත හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ඇලබැස්ටර් අඟහරුවාදා රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වුණා.ඔහු මිය යන විට 93 වැනි වියේ පසු වුණා.

නවසීලන්ත කණ්ඩායමේ හොඳම පා දඟ පන්දු යවන්නන් අතරට එකතු වෙන ඇලබැස්ටර් 1955 සහ 1972 අතර කාලය තුළ ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 49ක් දවා ගෙන තිබෙනවා.

ඇලබැස්ටර් නවසීලන්තයේ පළමු ටෙස්ට් ජයග්‍රහණ හතර වෙනුවෙන් දායකත්වය දැක් වූ ක්‍රීඩකයෙක්ද වෙනවා. ඔහු 1955-56 දී ඉන්දියාව සහ පකිස්ථානය, 1958 දී එංගලන්තය, 1961-62 දී දකුණු අප්‍රිකාව සහ 1971-72 දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්ටද එකතු වූ ක්‍රීඩකයෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *