ඉස්සර ඉඳන්ම මං පේශල අයියට බයයි. එයා නිතරම මාව ඇදල අරන් කතා කරවනවා – ගිත්මා බණ්ඩාර

302

චැම්පියන් ස්ටාර් වැඩසටහන කියන්නේ බහුතරයක් දෙනා නරඹන සති අන්තයේ බොහෝ දෙනා සිනා සාගරයක් මැද්දේ විනෝදය කරා ගෙන යන ආකර්ෂණීය වැඩසටහනක්. බොහෝ දෙනෙක් දන්නා පරිදි මේ වැඩසටහන මෙහෙයව්වේ පේෂල සහ මාදව ඒවගේම සචිනි.

හැබැයි දරු ප්‍රසූතියත් සමඟ සචිනිට වැඩසටහනෙන් ටික කාලෙකට ඈත් වෙන්න සිද්ධ වුණා.ඒ අතරතුරේ සචිනිගේ අඩුව පිරෙව්වේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වුණු ගිත්මා බණ්ඩාර විසින්. සාමාන්‍යයෙන් බහුතරයක් දෙනාගේ ප්‍රතිචාර ලැබෙන වැඩසටහනක්. එක පාර බාර ගනියි ගිත්මට ලොකු බයක් දැනිලා තියෙනවා.

හැබැයි ඇය වැඩසටහනට ආවට පස්සේ ඇයට බහුතරයක් දෙනාගේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මුලදි නම් සචින්ට අවසාය ඇයට බැනල තියෙනවා හැබැයි දැන් ඒ හැමෝම ඒවා ආදරෙන් බාර අරගෙන. ඉතින් මේ වැඩසටහනට සහභාගී වූ ආකාරය සහ ඒ තුළින් ඇයට එය සාර්ථක කර ගැනීමට කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ‍ධර්මරාසා ෆොන්සේකා මහත්මිය තමයි මට ආරාධනා කළේ. පේශල සහ මාධව හරිම ආදරණීය විදිහට මාව පිළිගත්තා. මේක වෙනස් වැඩසටහනක්. ඇත්තම කිවුවොත් මං කොහොමත් වැඩිය සමාජශීලී චරිතයක් නෙවෙයිනෙ. මං කියන දේකින් කාගෙ හරි හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මට මේක අභියෝගයක් වුණා.

ඉස්සර ඉඳන්ම මං පේශල අයියට බයයි. මොකද එයා මොනව කියයිද? මොනව අහයිද? දන්නෙ නෑනෙ. දැන්නම් ඒ බය නෑ. මට හිතාගන්නත් බැරි තරම් ප්‍රොපෙෂනල් විදිහට එයා මාව හරිම ආදරෙන් පිළිගත්තා. නිතරම මාව ඇදල අරන් කතා කරවනවා. ඒ දෙන්නගෙන් ලැබෙන සපෝට් එකෙන් ෂේප් එකේ වැඩේ කරගෙන යනවා. තාම නම් අපහසුතාවට පත්වෙන දෙයක් වෙලා නෑ’

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *