රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නොරෝච්චෝල නගරයේදී සිදුවු අනතුරකින් විදුලි කාර්මික ශීල්පි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
අනතුරීන් මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල කොයියාවාඩිය ප්‍රදේශයෙ පදිංචි 26 හැවිරිදි සමිර ලසන්ත ප්‍රනාන්දු නැමති විදුලි කාර්මික ශීල්පි තරුණයකු බව කියයි.
පොල් ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් කල්පිටිය දෙසින් පැමිණ දකුණු දිශාවලට හැරවිමට යාමේදි යතුරු පැදියෙ ගමන් කරමින් සිටි මෙම තරුණයාට ඔහු ගමන් කළ වේගය පාලනය කර ගැනිමට නොහැකි වී පොල් ලොරියෙ ගැටි අනතුරට ලක්ව තිබේ.

















