BREAKING NEWS
Search

තවත් මල් කැකුලක් අභිරහස් ලෙස මිලින වෙයි – පියා විසින් ඇය තුන්වන පාර්ශවයකට පවරලා

327

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙලෙස සැක කටයුතු ආකාරයෙන් මියගොස් තිබුණේ මාලිගාවත්ත ලක් සෙවන මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කාන් හායිසා නැමති අවුරුදු 4 මාස 7 ක් වයසැති දියණියක්.

ඇගේ පියා විසින් පුද්ගලික ගිවිසුමක් හරහා වෙනත් ඥාතිවරියකට පුංචි හයිසා ලබා දී තිබූ බව වාර්තා වන අතර හායිසා සැක කටයුතු ලෙස මියයාම හේතුවෙන් එම ඥාතිවරියගේ සැමියා ඇතුළු සිව් දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පැවසීය.

ප්‍රධාන සැකකරු වන (හායිසා දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු පහට අඩු දරුවකු ගිවිසුමක් හරහා වෙනත් පාර්ශවයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත්වූ අනෙකුත් පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතාද වන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව මාලිගාවත්‍ත පොලීසිය වැඩිදුරටත් විමර්ශන මෙහෙයවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *