BREAKING NEWS
Search

මව රට රැකියාවකට ගිහින්… පෙන්ඩනය ඉල්ලා නුදුන්නැයි උරණ වූ පියා දුවට හා පුතාට පිහියකින් පහරදීලා

139

තම පියා විසින් පිහියකින් පහර දීම නිසා දියණියක සහ පුතකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරන ලදැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ ජයන්ති පුර උදානගම පදිංචි විසි හැවිරිදි තරුණියක සහ දහ අට හැවිරිදි තරුණයෙකි.

ඉකුත් තුන්වෙනිදා රාත්‍රි නවයයි තිහට පමණ ඇති වූ දබරයකින් පසු පියා විසින් තම දරුවන් දෙදෙනාට මෙසේ පිහියෙන් පහර දී ඇත. දියණියගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිසිය පවසයි. කිසියම් වුවමනාවකට දියණියගේ පෙන්ඩන්ට් එක ඉල්ලා ඇතිවූ ගැටුමක් මත පියා විසින් දරුවන්ට පහර දී ඇති බව පොලිසිය කියයි. මෙම දරුවන් දෙදෙනාගේ මව විදේශ රැකියාවක නිරත වන අතර ඔවුන් පියා සමග නිවසේ රැඳී සිටින බවද පොලිසිය පවසයි. සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මින්නේරි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශනා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න, සැරයන්වරුන් වන සුමේධ (70077), බණ්ඩාර (34931), ප්‍රේමතිලක (66952) හා කොස්තාපල් වෙස්ටන් (65171) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *