දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසුනිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වුණා…
සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යුද්ධ හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, 14 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක සහ යුද්ධ හමුදා ගමන් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් අනිල් පෙරේරා ඇතුළු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පිටත්වගිය භට කණ්ඩායමේ නිලධාරි සහ සෙසුනිලයින්ගේ පවුල්වල සමාජිකයන් සහභාගී වී තිබුණා..




















