BREAKING NEWS
Search

එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ – එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ – ශලනි

1760

කලා ලෝකය තුළ සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ තුනම ජයගත්තු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යක් සමගින් ශලනි තාරකා  උතුම් යුග ජීවිතයට පා තැබුවා.

ඉතින් ඒ දේවල් එක්ක ආදරණීය ස්වාමි පුරුෂයා සමගයි තාමත් සතුටින් කාලය ගත කරන චාලනිට අතීතයේ ටිකක් අඳුරු වුණු ජීවිතයක් තිබ්බා.ඇය එක්තරා කාල වකවානුවක තරුණයට ආදරය කරනවා.බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔහු කලා ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු රංගන ශිල්පියෙක්.

හැබැයි අවාසනාවකට හරියටම කියන්න බැරි උනත් ඔහු ශලනිගේ ආදරෙන් පරාජ වෙලා ජීවිතය නැති කරගන්න තීරණය කළා.ඉතින් මේ දේවල්වල සත්‍ය අසාධ්‍යතාවය කොතෙක් උනත් ශලනිි ඒ ආදරය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මීට අවුරුදු හයකට කලින් මම මගේ ජීවිතේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා.ඒ වැරදි කෙනෙකුට ආදරය කරපු නිසා.හැබැයි මගේ කොන්ද පණ තිබ්බා මේ කෙනාට ආදරේ කරන එක වැරදියි කියලා දැනගත්ත ගමන් එතනින් අයින් වෙන්න.හැබැයි එයාට ඒකට ශක්තියක් නෑ කියන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයාට කිසිම ශක්තියක් තිබ්බේ නැහැ. මම විවාහකයෙක් කියන්න එයා කිසිම මාධ්‍යයක ඒක කිව්වේ නෑ.මම මේ ගැන කතා කරන්නේ නැති හේතු තුනක් තියෙනවා. එකක් උත්තර දෙන්න එයා දැන් නැහැ. ඒ නිසා අනිත් හේතු දෙකෙන් වැඩක් නෑ. මම කරපු එකම වැරැද්ද වැරදි කෙනාට ආදරේ කරපු එක හැබැයි මම වැරැද්ද හදා ගත්තා. කවදාවත් ආදරේට බොරු කරන්න  එපා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *