BREAKING NEWS
Search

මව් පදවිය බරක් වූ ඇය බිළිඳිය සැමියා ළඟ තබා පැන ගිහින්.. රුවන්වැල්ලෙන් ඇගෙන ඇඟ කිලිපොළා යන කතාව

325
ඇය තවමත් වයස 23ක තරුණියක්..

මවකගේ වගකීම් හරි හැටි නොතේරෙන ඇය මේ වෙලාවේ කරලා තියෙන්නේ නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි..

කෝප්පයකට මවු කිරි දොවා තබා වයස මාස තුනහමාරක් වූ බිලිඳියක සැමියාට භාර දී පැනගිය මවක් ගැන රුවන්වැල්ලෙන් වාර්තා වෙනවා..

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයකු ඇයව දැන හඳුනාගෙන ඇති වූ ප්‍රේම සම්බන්ධයක් මත සිය නිවෙසට ඇයව කැන්දාගෙන ගොස් ඇත්තේ 2022 වර්ෂයේ මුල් කාලයේදී… එහෙත් දෙදෙනා නීත්‍යනුකූලව විවහා වී සිට නැති බව පොලිසිය පවසනවා..

ඇය ගැබිනියක් බවට පත් වූ අවස්ථාවේදී ඒ ගැන සැමියාට පවසා ඇතත් දෙපාර්ශ්වයේ මවුපියන්ට ග්‍රාමයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට හෝ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර නැති බව පොලිසිය පැවසුවා..

මෙම කාන්තාව ගැබිනියක් වූ පසු කිසිදු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් වී නැති අතර දරුවා බිහි කිරීම සඳහා ඇතුළත් වී ඇත්තේ කරවනැල්ල මූලික රෝහලටයි.. ඇය 2023 නොවැම්බර් 27 වැනිදා නිරෝගිමත් බිලිඳියක බිහි කර ඇති බව පොලිසිය පැවසුවා..

මෙම කාන්තාවගේ සැමියා විසින් මව හා බිලිඳිය ඔහුගේ නිවෙසට රැගෙන ගොස් සිටියදී මාස දෙකක් පමණ ගත වූ අවස්ථාවේදී ඔවුන්ගේ මවුපියන් මැදිහත් වී යුවළ විවාහ කරදී ඇති බවත් පොලිසිය සඳහන් කළා..

පසුගිය 2024 පෙබරවාරි මස 25 වැනිදා අලුයම තුනට පමණ මෙම කාන්තාව කෝප්පයකට කිරි දොවා තබා බිලිඳිය අතහැර දමා හොර රහසේ නිවෙසින් පිටව ගොස් තිබෙනවා… බිලිඳියගේ පියා වන ඇගේ සැමියා මේ ගැන බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බිරිය නිවෙසින් අතුරුදන්ව ඇති බව කියමින්..

පොලිසිය ඇය ගැන තොරතුරු සොයා බලා ඇතත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ… මසක් පමණ ගිය අවස්ථාවේදී කාන්තාව තමන් මාවනැල්ල හෙම්මාතගම පාරේ පරණගම ප්‍රදේශයේ සිටින බව දන්වා සැමියාගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් ලබා දී තිබෙනවා…

පසුව සැමියා කීප අවස්ථාවකදීම ඇය ජීවත්ව සිටින ස්ථානය සොයාගෙන ගොස් යළි නිවෙසට රැගෙන ඒමට උත්සාහ දරා තිබුණ ද එය සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී තිබෙනවා… පසුව පෙරේදා (02) සැමියා ත්‍රිරෝද රථයකින් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පරණගම ප්‍රදේශයට ගොස් කිසිවකු නොසිටි නිවෙසක සිටියදී බිරිය සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවා… තමන්ට නිවෙසට යෑමට නොහැකි බවත් දරුවා හදා වඩා ගැනීමට තමන්ට නොහැකි බවත් සැමියා හමුවේ කාන්තාව පවසා තිබෙනවා…

“ගෙදරට යන්න බැරි නම් යහළුවකුගේ නිවෙසකට හරි යමු” යැයි පවසා කාන්තාව ත්‍රිරෝද රථයෙන් රැගෙන බුලත්කොහුපිටිය පොලිසියට රැගෙනවිත් සැමියා විසින් භාර දී ඇති බවත් පොලිසිය පැවසීය. බිලිඳිය ඊයේ (03) බුලත්කොහුපිටිය පොලිසිය මඟින් කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා වෙත ඉදිරිපත් කෙරුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *