BREAKING NEWS
Search

ඉවසන්නම බැරි තැන සැමියා මරු තුරුලට යැවූ බිරිඳගේ කතාව

206

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැමදාමත් මෙහෙමයි.. කොහොම වුණත් ඇය මේ දේවල් ඉවසගෙන ඉන්න එකම මහා පුදුමයක්..

මේ කතාව ඇගෙන්නේ වැලිගම ප්‍රදේශයෙන්..

මාතර, වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් තම බීමත් සැමියාට කළ පහරදීමක් අතරතුර එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

බීමතින් පැමිණ තම බිරිඳට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්..
.
මාතර, වැලිගම – කොස්ගහහේන ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී තිබුණේ ඊයේ (02) පස්වරුවේයි..

එම පුද්ගලයා නිතරම බීමතින් පැමිණ බිරිඳට සහ දියණියට පහර දෙන බවයි අසල්වැසියන් පවසන්නේ..

ඊයේ පස්වරුවේද ඔහු මෙලෙස බීමතින් පැමිණ බිරිඳට පහරදීමට උත්සහ කර ඇති අතර, එම අවස්ථාවේදී බිරිඳ විසින් ඔහුව පුටුවක ගැටගසා තවත් ඥාතීන් කිහිපදෙනෙකු සමග එක්ව ඔහුට පහරදී තිබෙනවා..

විදෙස්ගතව සිටින තම දරුවන් දෙදෙනාටද ඇය වීඩියෝ දුරකථන ඇමතුමක් සැමියාට පහරදෙන ආකාරය ඔවුන්ටද පෙන්වා තිබුණා..

එලෙස පහර දෙන අතරතුර අදාළ පුද්ගලයා පුටුවේ ගැටගසා තිබූ ලණුව සිරවී සිහිසුන් වී ඇති අතර, පසුව බිරිඳ විසින්ම ඔහු වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා..
.
කෙසේ නමුත් රෝහල්ගත කරන විටත් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ..

මියගිය පුද්ගලයා පුටුවේ ගැටගසා තිබූ ලණුවෙන් ගෙළ සිරවී ඔහු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ..

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්..

ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනා ඩුබායි සහ සෞදි රාජ්‍යයේ රැකියාවල නිරතවන අතර, බිරිඳ සමග නිවසේ සිට ඇත්තේ කුඩා දියණිය පමණයි..

මේ අතර ඝාතනය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මාතර මහේස්ත්‍රාත්වරයා විසින් අද පෙරුවරුවේ සිදුකළා.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සිදුකළ අනෙක් පිරිස සොයා වැලිගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *