BREAKING NEWS
Search

වසර 3 ක් රට සිට ආ බිරිය සැමියාට, අංකල් කියලා… අන්තිමට වුණ දේ මෙන්න…

1105
මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කොට සිය නිවසට පැමිණි දා තම සැමියාට ”අංකල්” යැයි කියා ආමන්ත්‍රණය කළ කතකගේ පවුල් ජීවිතය අනූනවයෙන් බේරුණ පුවතක් වාර්තා වෙනවා.
තරුණ දෙදරු මවක වූ මෙම කාන්තාව සිය සැමියාට එසේ ආමන්ත්‍රණය කර ඇත්තේ ඇය එදින නිවසට පැමිණෙන විට රැගෙන ආ බඩු පෙට්ටියක් වාහනයෙන් බිමට බෑම සඳහා ක්‍රියාකළ අවස්ථාවේ දී බවද පැවසේ.

මෙහි සිටි කීප දෙනෙකු එක්වී එම බඩු පෙට්ටිය බිමට බෑමට සුදානම් වූ අවස්ථාවේදී එතෙක් පසෙක වී සිටි සැමියාද එහි කෙළවරකට අත තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ “අනේ අංකල්ට බෑ ඉන්න මං අල්ලනැයි”කියා එය වළක්වා ඇති බිරිය ඒ සඳහා ඇය ඉදිරිපත්වී ඇත.

මේ අවස්ථාවේ දී පිරිස ඉදිරියේ ලජ්ජාවටත්, කෝපයටත් පත් එම පුද්ගලයා අවුරුදු තුනට තමන්ගේ මිනිහත් අමතක වුනාදැයි අසමින් ශබ්ද කෝෂය හිස් කළාලූ.

මෙහිදී ඊට මැදිහත්වූ කීපදෙනකු නිසා පසුව සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකිවී තිබේ.

සැබෑවටම මෙය එම කාන්තාව හිතාමතාම කළ දෙයක් නොවන බවද සිදුවී ඇත්තේ වසර තුනක් නොසෑහෙන සේ මතට ඇබ්බැහිවූ මෙම පුද්ගලයා නිතර දකින අයකුට හැර වෙනත් අයකුට හඳුනාගත නොහැකි තරමට වෙනස්වී සිටීම බව ගැමියෝ කියති. බි

රිය එවූ සල්ලිවලින් ඔහු වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ ගමේ කසිප්පු මුදලාලි ළඟලූ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *