BREAKING NEWS
Search

බාර් සතියක් වැහෙයිද?

210

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 (2024) සඳහා වන රාජ්‍ය වෙසක් මහෝත්සවය, මැයි මස 21 වැනිදා සිට මැයි මස 27 දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කරමින්, ‘අත්තනොව අවෙක්ඛය්‍ය කතාහි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමවත්, මැයි මස 22, 23 හා 24 යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වසා තැබීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *