BREAKING NEWS
Search

විභාග නැතිවම ලයිසන් එක අතට

970

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මෙලස පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන අද දින සිට (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

මීට අමතරව මෙම සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන සිසුන්ට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙම පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර, මෙයට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *