BREAKING NEWS
Search

අවුරුදු නැකැත් ගැන අවසන් තීන්දුව ඇමති මණ්ඩලයෙන්

221

රාජ්‍ය නැකැත් කමිටුව සකසා ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සහ විකල්ප නැකැත් සීට්ටුව පිළිබඳව කැබිනට් මණ්ඩලය මගින් තීන්දුවක් ගෙන රටට දැනුම් දෙන ලෙසට ජාතික නැකැත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

රජය විකල්ප නැකැත් සීට්ටුවේ උදෑසන නැකැත් ප්‍රතික්ෂේප කරන්නේ නම් දිගින් දිගට ම ගැටුම් ඇතිකර ගැනීමේ වුවමනාවක් හෝ රජය අපහසුතාවට පත්කිරීමේ සූදානමක් නොමැති බව ද එමගින් දැනුම් දී ඇත.

ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව ජාතික යුතුකමක් සේ සලකා රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවේ අහිතකරභාවය පිළිබඳව රටට කරුණු පැහැදිලි කළ බව ද එහි දක්වා තිබේ.

අග්‍රාමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මෙම නැකැත් සීට්ටු දෙක පිළිබඳව සාකච්ඡාවක් සිදුකර රටට ඔබින නැකැත් සීට්ටුව පිළිබඳ රජයේ අදහස ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ජාතික නැකැත් කමිටුවේ සාමාජික රොෂාන් චානක තිසේරා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *