සම්මාන රාත්‍රියට ආව දිනක්ෂි ප්‍රියසාද්ගේ සාරී විලාසිතාවට රසිකයන් අතර කසුකුසුවක්

1059

සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

ඒත් ඉතින් මේ ගෙවෙන වයස විලාසිතා කරන්නේ නැතුව ආයේ කවදා කරන්නද?

ඊට කදිම නිදසුනක් තමයි ඇය පසුගියදා සහභාගී වූ සම්මාන රාත්‍රියට සැරසී සිටි සාරි විලාසිතාව.

ඒ වෙනුවෙන් ඇයට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.

මේ එහෙම ඇයට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්…

”මොකක් ඇන්දත් ඔයා හරිම ලස්සනයි දිනක්ෂි….

රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත්…

විශේෂයෙන් මේ සාරිය ඔයාට ගොඩාක් ලස්සනයි වගේම ඒ පාටත් ඔයාට හරියටම ගැලපුනා…

කෙල්ලෙක් වුනාම ඉන්න ඕනි අන්න ඔය වගේ…

තමන්ගේ වැඩ ටික ලස්සනට මැනේජ් කරගෙන ලස්සනට ජීවත් වෙනවා…

හරිම සතුටුයි…”

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *