BREAKING NEWS
Search

උදාර රන්දික මලයා ගැන ශලා අක්කිගෙන් සහතිකයක්

145

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

රන්දික ගුණතිලක එහෙමත් නැත්නම් උදාර කොලුවා පහුගිය දවසක රයිගම් ටෙලීස් හි ජනප්‍රියම නළුවා සම්මානයේ අවසාන දෙදෙනා අතරට තේරී පත්වුණා.

තිශය සාර්ථක ගමනක් යන රන්දික ගැන ශලා තබා තිබූ සටහනකත් මේ කතාව ලියවිලා තිබුණා.

”ඊයේ දිනයේ පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළේදි ගත්ත පින්තූරයක්

දෙන්නම කොල පාට ඇදන් ආපු නිසා මේක අරන් දාන්න හිතුනා

තව දෙයක් දෙන්නම ඊයේ ජනප්‍රියම නාමාවලියේ අවසන් දෙදෙනා අතර හිටියා

ඉතින් මේ උදාර පුත්‍රයාව එකතැනකට අල්ලගත්තේ හරි අමාරුවෙන්

හැබැයි කොච්චර දැගලුවත් හිත හොද උදාර ගමනක් තියෙන කොල්ලෙක්

ආදරෙයි මලයා

ඉතින් ඊයේ දවස වෙනකන් මං වෙනුවෙන් මනාප පලකල ඔයාලටත් ආදරෙයි”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *