BREAKING NEWS
Search

විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධව මරණ දණ්ඩනය හිමි වූ පුද්ගලයෙකුට හදිස්සියේම සිදු වූ දේ

186

ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු වී මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ඊයේ (31) හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ

මියගිය පුද්ගලයා 41 හැවිරිදි වියේ පසු වූ අතර, මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණු බව සඳහන් වෙනවා.

පොලිසිය පැවසුවේ මරණීය දණ්ඩනය නියමවීමෙන් පසු ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා විටින් විට රෝගාතුර වූ බවයි.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට හත් දෙනෙකුට 2017 වසරේදී මරණ දණ්ඩනය නියම වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *