BREAKING NEWS
Search

දුම්රියේ ගැටී සරසවි සිසුවකු මරුට

346

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශය තුන්වැනි වසරේ සිසුවෙකු පැණිදෙණිය ප්‍රදේශයේ දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .

එසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ චිත්සරද සිල්වා නැමැති වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්රී ශ්‍රවණ උපාංග කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී නාවලපිටිය මහනුවර දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *