BREAKING NEWS
Search

සහල් – ලොකු ලූණු බද්ද අඩු කරයි

154

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් මස 30 දක්වා රුපියල් 10 ක් දක්වා ද, අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූණු මිලදී ගැනීමේ අවස්ථාව දීමට සහ එම ඵම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීම මෙම බදු අඩු කිරීම තුළින් බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *