BREAKING NEWS
Search

කන්තෝරු නෝනා උසස්වීමත් එක්ක කොම්පියුටරයකුත් අරං ගිහින් -ප්‍රබල දේශපාලනඥයකුගේ බිරියක් ලු

146

ඉඩම් කොමසාරිස් කාර්යාලයක වසර 08ක් පමණ සේවයේ නියුතුව සිටි නිලධාරිනියක උසස්වීමක් ලැබීමෙන් පසු එම කාර්යාලයේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් නැවත කාර්යාලයට බාර නොදී රැගන ගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ. මෙසේ ලැප්ටොප් පරිගණකයක් නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බිරියක බව පැවැසේ.

මෙලෙස ඇය රැගෙන ගොස් ඇත්තේ 2017 වසරේදී කාර්යාලයේ සේවා ගුණාත්මක භාවය ඉහළ නැන්වීම සඳහා සේවාලාභියකුගෙන් පරිත්‍යාගයක් ලෙස කාර්යාලයට ලැබී තිබූ ලැප්ටොප් වර්ගයේ පරිගණක පහෙන් එකකි.

එසේ ලැබුණු ලැප්ටොප් වර්ගයේ පරිගණක සියල්ල මෙතෙක් කාර්යාලයේ බඩු ලැයිතුවට (ඉන්වෙන්ට්‍රියට) ඇතුළත් කර නොමැති අතර, එසේ ලැබුණු එක් ලැප්ටොප් පරිගණකයක් පමණක් (2024) මෙම වසරේදී බඩු ලැයිතුවට ඇතුළත් කර ඇත.

වසර ගණනාවක් තිස්සේ කාර්යාලය සතුව පැවැති එම පරිගණක යන්ත්‍ර කාර්යාලයේ විවිධ නිලධාරින් විසින් පාවිච්චි කරනු ලැබුව ද අඛණ්ඩව වසරින් වසර පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණයට ද ඉදිරිපත් කර නොමැති බව කියැවේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *