අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
එම පනත් කෙටුම්පතකට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බවයි.
එමෙන්න අවුරුදු 14 සහ 15 අතර ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීමට අවශ්‍ය වන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙම නව නීතිය 2025 ජනවාරි 1 සිට බලාත්මක වීමට නියමිත අතර ළමුන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධ අවදානම් වලින් ළමයින් ආරක්ෂා කිරීමට මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

















