BREAKING NEWS
Search

කඩවත එජාප කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

200

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කඩවත ඇල්දෙනිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට අද (26) අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එම පක්ෂ කාර්යාලයට එල්ල කර ඇති බව එම නිලධාරියා පැවසීය.

මෙම බෝම්බ ප්‍රහාරයට දේශපාලනික පළිගැනීමක් මුල් වී ඇති බවට පොලිසිය සැක පලකරයි.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී පක්ෂ කාර්යාලය ඉදිරියේ ඇති මාර්ගයේ තිබී ජීව අත්බෝම්බයේ කොපුව හමුවී තිබූ අතර එම අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී සොයාගෙන තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල කළද බෝම්බය පිපිරි නොමැති අතර සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය පක්ෂ කාර්යාලයට එල්ල කර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කල අතර සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් පරිදි කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජේ වයි බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *