රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මහියංගනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, එහි හිමිකරු සහ තවත් අයෙක් ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
තොරතුරු වාර්තා වන්නේ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ පහළ මාර්ගයේ 1990 සුවසැරිය ගිලන් රථයක් ගමන්කරමින් තිබුණද එයට ඉන් අනතුරක් සිදුව නොමැති බවය.
පසුව තුවාලකරුවන් එම ගිලන් රථයෙන්ම ප්‍රතිකාර සඳහා රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.
එසේම වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ බස් රථය අලෙවි කිරීම සඳහා කොළඹ ප්‍රදේශයට රැඟෙන එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවටය.



















