BREAKING NEWS
Search

අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් ගුටි ඇන ගනී. 9ක් රෝහලට

229

ඉබ්බාගමුව – බක්මීගොල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් අතර ඇති වු ගැටුමකින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නේවාසික පුද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ ඊයේ (24) රාත්‍රියේ කාලයේ එම ගැටුම ඇති වී ඇති බව වාර්තා වේ.

ගැටුමෙන් තුවාල ලබා සිසුන් 03දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් සිසුවියන් 04 දෙනෙකු සහ එක් සිසුවෙකු පොල්ගොල්ල ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *