රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
හබරාදූව පොලිස් වසමේ උණවටුන මුහුදු තීරයේ පෙරේදා ගල් පරයක් මත පෙම්සුව විඳිමින් සිටි පාසල් සිසුවකු සහ සිසුවියක රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.
එහිදී වහාම ක්‍රියාත්මක වූ ධීවරයන් පිරිසක් මුහුදට පැන දියේ ගසාගෙන ගොස් ගිලෙමින් සිටි සිසුවියව බේරාගෙන ඇතත් සිසුවා ඊයේ වනතුරුත් හමුවී නැත.
ඔහුව ඈත දියඹට ඇදී ගොස් ඇති බව කියැවේ. සිසුවා සොයා නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් ඊයේ දිනයේත් මෙහෙයුම් සිදුකරනු ලැබීය.
මෙසේ මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන එම පාසලේ ශිෂ්‍ය නායකයකු බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හබරාදූව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස මුහුදට ගසාගෙන ගොස් ඇතුරුදන්ව ඇත්තේ අක්මීමන වලහංදූවේ පදිංචිකරුවෙකි.
මුහුදට ගසාගෙන යෑමෙන් සිසුවියට කිසිදු තුවාලයක් සිදුව නැති බවත් ඇය ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම වන විට ඔවුන් සිට ඇත්තේ පාසල් ඇඳුමින් නොව, සාමාන්‍ය ඇඳුමින් බවත් අනතුර සිදුව ඇත්තේ පාසල් කාලයේ නොවන බවත් පොලිසිය කියයි.