මේ ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනා කතා කළා.. ඒ අලුත් තාක්ෂණය අපේ රටේ ගොඩක් දෙනෙක්ට නුහුරු නිසා..
සමහර විට ඒ දේවලට අවශ්‍ය පහසුකම්වත් නැති මිනිස්සු අපේ රටේ ඕනෑතරම්..
මෙන්න ඒ හැම ප්‍රශ්නයටම දැන් විසඳුමක් තියනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. එය විදුලි පාරිභෝගිකයන්ට ලොකු පහසුවක් වේවි..
ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පතක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා..
ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිතා කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් පසු එම මසට අය විය යුතු සම්පුර්ණ මුදල සහ හිඟ මුදලක් ද ඇතොත් එය ද සටහන් වී බිල්පත මුද්‍රණය වන බවයි වාර්තා වෙන්නේ..
ඒ අනුව කෙටි පණිවිඩ හරහා විදුලි බිල ගෙවීමට නොහැකි වෙන පාරිභෝගිකයින් හට සුපුරුදු පරිදි මෙම බිල්පත මඟින් විදුලි බිල්පත් ගෙවීමට හැකියාව ලැබෙනු ඇතියි..