BREAKING NEWS
Search

දෑවැද්ද ඉල්ලලා කරදර කළ නිසා තමයි මගේ දුව ජීවිතයට මෙහෙම දෙයක් කරගත්තේ..” කෝප වූ දියණියගේ ඥාතීන් මනාලයාගේ ගෙදරට ගිනි තබයි..

209
දෙන්නා විවාහ වෙලා ගොඩක් සතුටෙන් කාලය ගත කළා..

ඒත් ඉතින් ඒ සතුට වැඩි කළක් රැදෙන්න නැන්දම්මා වත් මාමණ්ඩිය වත් ඉඩ තියලා නැහැ..

සාම්ප්‍රදායික සමාජවල අදටත් විවාහ වෙනකොට ලොකු අවධානයක් දෙන්නේ දෑවැද්දට නේ.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දෑවැද්දක් නිසා ජීවිතවලින් වන්දි ගෙවන්න වුණ සිදුවීමක් ගැන කතාවක්..

මේ කතාව ඇහෙන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්.. අක්ෂිකා නැමැති විවාහක කාන්තාවක් ඊයේ රාත්‍රියේ සිය සැමියාගේ නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සොයාගෙන තිබෙනවා…

තම දියණියගේ මරණය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ඇයගේ ඥාතීන් නැන්දම්මාගේ නිවසට පැමිණි තරුණියට දැවැද්ද ඉල්ලා හිරිහැර කර ඇය සියදිවි නසා ගැනීමට පෙලඹවූ බවට චෝදනා කර ඇති බවයි..කොහොම වුණත් චෝදනාවලින් නොනැවතුනු මේ පිරිස සැමියාගේ නිවසටද ගිනි තබා තිබෙනවා..

ඒ ඇති වූ ගැටුමක් උත්සන්න වීමත් සමඟයි.. කෙසේ වෙතත් ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමෙන් පසු අක්ෂිකාගේ නැන්දණිය සහ මාමණ්ඩිය දෙදෙනා නිවස තුළ පිළිස්සී මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා..

එසේම ගින්නට හසුව තුවාල ලැබූ තවත් පස් දෙනෙක් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *