BREAKING NEWS
Search

පොල්වත්ත ගඟේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට

178

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකි.

එම දරුවන් දෙදෙනා ඥාතීන් වන අතර ඔවුන් සිය මව්පියන් සමග ගඟේ දියනෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇත.

දියේ ගිලීමෙන් අනතුරුව ගොඩට ගත් දරුවන් ඉමදූව රෝහල වෙත ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *