BREAKING NEWS
Search

කැනඩාවම සලිත කරවමින් තවත් ඛේදවාචකයක්… පවුලක්ම අවසන් ගමන් යයි…

1612
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි නිවසක ඇති වූ “අභිරහස්” ගින්නකින් ඉන්දියානු සම්භවයක් ඇති යුවලක් සහ ඔවුන්ගේ දියණිය මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සම්පුර්ණයෙන් පිළිස්සී තිබූ මළ සිරුරු ඊයේ හදුනා ගත් බවයි.

පසුගිය 7 වැනිදා මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි රජිව් වාරිකෝ, ඔහුගේ බිරිඳ 47 හැවිරිදි ශිල්පා කෝතා සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය මහෙක් වාරිකෝ යන අයයි.

මෙය නේවාසික ගින්නක් ලෙස වාර්තා වූ නමුත් මූලික විමර්ශනවලින් පසුව පොලිසිය පැවසුවේ ගින්න අහම්බයක් නොවන “සැක සහිත” ගින්නක් බවයි.

මෙම පවුලේ සාමාජිකයින් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදුකරන බවත්, තොරතුරු දන්නා ඕනෑම අයෙකු ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටින බවයි, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔන්ටාරියෝ පොලිසිය පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *