BREAKING NEWS
Search

කුකුළු මස් මිල විශාල ලෙස පහතට

3097

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති අජිත් ගුණසේකර මහතා,

“වෙළෙඳ ඇමතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි නිෂ්පාදන වියදම් ගණනය කිරීම් කරලා දීලා තියෙනවා. සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට ආවා. දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි. ඒ අනුව මිල තවත් අඩු වෙයි.

රජය විසින් සියලුම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා 1,100 අතරට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු නේ ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අපි වගකීමක් ගත්තා. කිසිම හිඟයක් නෑ උත්සව සමයට මේ මිලට වඩා අඩුවෙන් අපිට දෙන්න පුළුවන්.”

සරසවි වරම් ලැබූ සිසුවා ජීවිතයෙන් සමුගනී

උසස්පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිව සතුට සැමරූ දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය පුවතක් කුරුණෑගල රණවන ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

කුරුණෑගල රණවන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා මනුජ හංසමල් ජයතිලක නම්වෙයි.

කුරුණෑගල මලිය⁣දේව විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරු ඔහු මෙවර උසස්පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් හිමිකරගෙන ඇත.

දෙවන වර විභාගයට උසස්පෙළ විභාගයට මනුජ නැවත වතාවක් පෙනී සිටින්නේ පළමු වර විභාගයේ ප්‍රතිඵලවලින් ඔහු සෑහිමකට පත් නොවූ නිසාවෙනි.

එම කාලසීමාව අතරේ ඔහු කුරුණෑගල මල්ලවපිටිය රජයේ බැංකුවක තාවකාලික පදනම මත ලිපිකරුවෙකු ලෙස සේවයේ නිරතව සිට තිබේ.

ප්‍රතිඵල පැමිණීමත් සමඟ සිය මිතුරන් සමග සතුට සැමරූ මනුජ තමන් රාජකාරී කරන බැංකුවේ සිටි සියලුදෙනාටද සංග්‍රහයක් සිදුකිරීමට අමතකර කර නොමැත.

එදින එම සාදයෙන් පසුව ඔහු රෑ බෝ වී නිවසට පැමිණ ඇති අතර රාත්‍රී 11 පසුවී ඔහු නින්දට ගොස් තිබේ.

පසුදින මනුජට රැකියාව සඳහා පිටත්ව යාමට ප්‍රමාද වන බැවින් මව පැමිණ කළ සොයා බැලීමකදී නිදි ඇඳ මත සිහිසුන්ව සිටි මනුජව දැක තිබේ.

අනතුරුව නිවැසියන් කඩිනමින් ඔහුව කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගියද ඒවනවිටත් ඔහු මරණයට පත්ව පැය කීපයක්ම ගතවී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ.

මනුජගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.බී. සේනානායක මහතා තම වාර්තාවෙන් පෙන්වාදී තිබුණේ හදවතේ කිරීටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් එම මරණය සිදුව ඇති බවය.

කිරීටක ධමනියේ එක් ස්ථානයක් රුධිර ගමනාගමනයට අවහිර වන ආකාරයට ඉතා සිහින්ව තිබීම හේතුවෙන් හෘදයේ ඇතිවූ අකර්මණ්‍යතාවයක් මේ සිසුවාට නිදි ඇඳේදීම මරු කැඳවීමට සමත්ව තිබුණි.

වැල්ලව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *