මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා යන ඇතැම් කාන්තාවන්ට ආරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල්වලදී ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් එම පුහුණුවීම් ලබා දී ඇතැයි ද හෙළි වී තිබෙනවා.
මැදපෙරදිග රටවල හාම්පුතුන් සමග ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කෙසේද? ඔවුන්ගේ ශරීර නිවැරැදිව සම්භාහනය කරන්නේ කෙසේද? එම හාම්පුතුන් ලිංගිකව සතුටු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව මෙහි දී පුහුණුව ලබා දී තිබෙනවා.
සවුදි අරාබිය, කටාර් රාජ්‍යය, කුවේට්, ඕමානය, බහරේන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග රටවල භාවිතා කරන ලිංගික උත්තේජන පෙති, උපත් පාලන කොපු සම්බන්ධයෙන් ද අදාළ පුහුණුව තුළදී දැනුවත් කර ඇතැයි ද මේ පිළිබඳව හෙළි කළ විමර්ශන නිලධාරියකු සඳහන් කළා.
‘‘ලිංගික වශයෙන් සතුටු කරන්න පුළුවන් කාන්තාවන්ට මැදපෙරදිග රටවල කෝටිපති හාම්පුතුන්ගේ දැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ බව දන්නා මිනිස් ජාවාරම්කරුවන් සහ මෙරට බලපත්‍ර නොමැති විදේශ රැකියා සපයන තැරැව්කරුවන්, ඉලක්ක ගත සුරූපි කාන්තාවන්ට එම ලිංගික පුහුණුවීම් ලබා දෙනවා. එම කාන්තාවන් හාම්පුතුන්ට විකුණා මිලියන ගණනින් ඔවුන් මුදල් හොයනවා ’’ යැයි විමර්ශන නිලධාරියකු සඳහන් කර සිටියා.
“ශිහාන් මැරි කරලා කියලා නිවුස් එක ආවම මම දවස් ගාණක් නොකා නොබී ඇඬුවා” – නිම්මි
කාලයෙන් කාලයට බිහිවන තරු ගැන හැමෝම වගේ කතාබහට ලක්කරනවා.
විශේෂයෙන්ම කාලයෙන් කාලයට ජනප්‍රිය චරිත බිහිවෙනවා.
ඉතින් එහෙම බිහිවෙන තරු සමහරක් මගදී බැස යනවත් දැකගන්න ලබනේවා.
නමුත් සමහර තරු බොහෝ කාලයක් ජනතා ආදරය එක්කම රැදී සිටිනවා.
එහෙම හැමෝම හදුනගත්ත ජනප්‍රිය තරුවක් සහ චරිතයක් ගැන තමයි මේ කියන්නේ.
ඒ තමයි පොඩ්ඩි.
නාඩගම්කාරයෝ පොඩ්ඩි ඇය තමයි කටකාර පොඩ්ඩි කියලා තමයි හැමෝම මෙයාට කියන්නේ.
ඒ කටකාර බව නිසාම ඇයගේ චරිතය තවත් සුන්දර වෙනවා වගේම් ආදරණිය වෙනවා.
නිම්මිගේ පළමු ටෙලි නිර්මාණය තමයි මෙය.
ඒ කොහොම නමුත් ඇය ඒ චරිතයට උපරිම සාධාරණය ඉටු කළා.
විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත රැසක් එක්ක තමයි ඇය රංගනයේ යෙදෙන්නේ.
නාඩගම්කාරයෝ ඇතුළතදි සහ ඉන් එහා ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න නිම්මිට අවස්ථාව උදාවෙලා තියනවා.
ඒ වෙනුවෙන් රංගනය හොඳින් ඉගෙන ගන්නත් ඈ සුදානම්ලූ.
නිම්මි රඟපාන්න කලින් නිවේදිකාවක්.
ඒ නිසා ඈට මේ ක්ෂේත්‍රය බොහෝම හුරුපුරුදු එකක්.
පසුගිය දවසක ඈ වැඩසටහනකට එක්වෙමින් ශිහාන් මිහිරංග ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.
‘මම ඉස්සර නම් ශිහාන් අයියාගෙ හොඳ ෆෑන් කෙනෙක්. ශිහාන් මැරි කරලා කියලා නිවුස් එක එද්දි මම අනුරාධපුරේ ගිහින් හිටියේ. අම්මා කෝල් කරලා කිවුවා, ශිහාන් මිහිරංග බැන්ඳා කියලා. මම නොකා නොබී දවස් ගාණක් හිටියා.’




















