BREAKING NEWS
Search

එයා මසාජ් කරන්න කිව්වා…ඉතින් මම මම මසාජ් කළා..” – මීගමු ස්පා එක ඇතුළෙම අවසන් ගමන් ගිය මැදි වයසේ පුද්ගලයා ගැන තෙරපිවරිය කියන කතාව

2539
මීගමුව සම්බාහන මධ්‍යස්ථානයක සේවා ලබමින් සිටියදී මිය ගියේ යැයි කියන 44 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණ පරික්ෂණය පසුගියදා පවත්වා තිබූ අවස්ථාවේ සාක්ෂි දුන් ස්පා සේවය සැපයූ කාන්තාව තරමක අමුතු විස්තරයක් කර තිබෙනවා.
මරණය සිදුවන අවස්ථාවේ SPA ආයතනය තුළ තෙරපිවරිය වශයෙන් කටයුතු කළ පන්නිපිටිය පදිංචි මධු නමැති කාන්තාව සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

“ඇල පාර මීගමුව යන ස්ථානයේ ස්පා ආයතනයේ මම කෙරපිවරියක් වශයෙන් සේවය කරනවා. මෙතනට රැකියාවට පැමිණ මාසයක් පමණ වෙනවා. තෙරපිවරියක් වශයෙන් පුහුණු වීමක් නං මට නැහැ. මේ කියන පුද්ගලයා පෙරේදා (4) රාත්‍රී 11.00ට පමණ තනියම පැමිණියා. ඔහු රුපියල් එක්දහස් පන්සියයක් දී මාව තෝරා ගත්තා මම ඔහුට තුවායක් දී ඇග පත සෝදාගන්න කිව්වා. පසුව මම විනාඩි තුනකට හතරකට පසුව නැවත ආවා, ඔහු ඒ වේලාවේ කලිසම පිටින් ඇඳේ වාඩි වී සිටියා මම පසුව ඔහුගෙන් ඇසුවා මොනවද කරන්න ඔනේ කියලා ඔහු කිව්වා මසාජ් කරන්න කියලා මම මසාජ් කළා,

පසුව මගේ නම ඇසුවා මගේ නම මධු කියා පවසා සිටියා. පසුව ඔහු මාව මසාජ් කරන්නද කියලා ඇසුවා, මං කැමති වුණා. පසුව ඔහු මාව මසාජ් කළා…පසුව ඔහු සිටගෙන සිටින විට එක්වරම කාමර බෙදලා තියෙන කාඩ්බෝඩ් කොටස කඩාගෙන උඩබැලි අතට වැටුණා, පසුව මම කෑ ගැසුවා, අපි 1990 ට කතා කළා. පසුව අපේ සර් මාලන් අසන්ත පැමිණ ඔහුව මීගමුව රෝහලට රැගෙන ගියා.පාන්දර 1.00ට පමණ රෝහලේදී ඔහු මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණා“

ස්පා ආයතනයේ අයිතිකරු බව කියන ජනපද මාවත දළු කොටුව පදිංචි මාලන් අසන්ත යන අය සාක්ෂි දෙමින් මෙම ආයතනය පටන් ගෙන වසර දෙකක් පමණ වන බව පැවසීය.

මරණය සිදුවූ ආකාරය ගැන ඔහු දන්නේ නැතැයි කීය.

හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මිගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මඟින් මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස මීගමුව පොලිසියට නියම කළේය.

විවාහයෙන් පස්සෙත් ආදරේ කරන කාලේ වගේම ඉන්නේ කොහොමද?

“දෙ නුවර මින් පසු එක නුවරක් මෙනි

ඔබෙ හදවත මහදෙහි සෙවණැල්ලකි”

ආදරේ සම්පූර්ණ වෙනවානේ කසාද බැන්දට පස්සෙ.

දෙනුවරක එකතු වීම වගේම තමයි ආදරයෙන් බැඳුණු හදවත් දෙකක් නෑ හිතවතුන් ඉදිරියේ, නීතිය ඉදිරියේ, සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද එකතුවීම, එහෙම නැත්තම් මේ විවාහ වීම අපි මහ ඉහළින් සමරනවා.

ඇත්ත විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට විතරක් නෙවෙයි හත්මුතු පරම්පරාවකටම සන්තෝස වෙන්න පුළුවන් කාරණාවක්.

ඉතින් ඔය පරම්පරාවේ හැමෝගෙම හිත් වලට සතුට අරගෙන ඇවිත් කසාද බැඳපු ජෝඩුව ආදරේ කරපු කාලේ වගේම බැන්දට පස්සෙත්, ජීවිතේ බෝරිං කරගන්නෙ නැතුව ගෙවන්නේ කොහොමද?

අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.

“යාලු වෙලා ඉන්න කාලේ වගේ නෙවෙයි අනේ බැන්දම. ඔය ලව් කරන කොට වගේ නිතරම තුරුල් වෙලා ඉන්න බෑ. කොච්චර නම් වැඩ තියෙනවද?”

මේ කතාව නම් අහලා ඇති ඔයා ඕන තරම්. ඇත්ත ගොඩක් අයට නම් මේ කතාව 100%ක් ඇත්ත වුණාට, අපිට බැරිද මේ කතාව වෙනස් කරන්න?

ඒ කිව්වේ යාලු වෙලා ඉඳපු කාලේ වගේම කසාද ජීවිතෙත් ගෙවන්න?

ආදරේ කරපු හිත් දෙකක් හැම විදියටම එකතු වීම තමයි විවාහයක් කියන්නේ. ඉතින් ආදරේ කරපු කාලෙටත් වඩා නිදහසේ දේවල් Explore කරන්න කසාද බැන්දම ඉඩ ලැබෙනවා.

ඉතින් ඒ ඉඩෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක ඔයාලට භාරයි.

පුංචි පුංචි Movie Nights

ඕනම කෙනෙක් ඉතින් ෆිල්ම්ස්, ටී වී සීරිස් බලන්න ආසයිනේ. යාලු වුණ කාලෙ නම් සමහර වෙලාවට ගෙදරට හොරෙන් ෆිල්ම් බලන්න ගියපු සුන්දර මතකයන් ඕනතරම් ඇති.

බැන්දට පස්සෙත් ඒ වගේ ෆිල්ම්ස් බලන්න යන්න අමතක කරන්න එපා.

දෙන්නම ඔෆිස් යන දෙන්නෙක් නම් සිකුරාදා හවසට, එහෙමත් නැත්තම් වීක් එන්ඩ් එකේ දවසක ෆිල්ම් එකක් බලන්න එළියට යන්න.

ෆිල්ම් එක බලලා ඉවර වෙලා එළියෙන් මොනවා හරි කාලා එන්න. ඒ වෙලාවේ ඔයාලගේ ජීවිතේ ගැන, අනාගතේ ගැන මොනතරමක් දේවල් නම් කතාකරන්න ඔයාලට ඉඩ ලැබෙනවද?

කසාද බැන්ද අලුත කියල ගෙදරටම වෙලා ඉන්න ඕන නෑනේ.

දරු මල්ලො හදන්න කළින් ඔයාලා දෙන්නටම වෙන්වුණ මේ ලස්සන වසන්ත කාලේ හැම මොහොතක්ම හැකි උපරිමෙන්ම විඳින්න.

පුංචි මූවී නයිට් එකකට ගෙදරින් යන්නම ඕන නැහැ.

ගෙදරම වුණත් Netflix ඔස්සේ හරි එහෙමත් නැත්තම් ඩවුන්ලෝඩ් කරලා වුණත් ලස්සන මූවී එකක් බලන්න ඔයාට පුළුවන්.

මහ ලොකු දෙයක් ඕන නෑ. පොඩි අනං මනං කෑම ටිකක්, කෝපි එකක් හෝ දෙහි බීමක් වගේ එක්ක, කලුවරේ එකිනෙකාට තුරුල් වෙලා මූවී එකක් බලන එක බැඳපු ජෝඩුවකට මොනතරම් නම් මිහිරක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

පොඩ්ඩක් රෝන්දේ ගහන්න

යාළු වෙච්ච කාලේ නම් අව්ව, වැස්ස වගක් නැතුව ඇවිද්ද ඔයාලා දෙන්න කසාද බැන්දට පස්සෙ ඇවිදින එක අඩු කරලා නම් ඔන්න ආයෙමත් ඒ ගමන් පටන් ගන්න මේ තමයි හොඳම මොහොත.

යාළු වෙලා ඉන්න කාලෙ ඉතින් හැමදේම කතාකරන්න, බෙදා හදා ගන්න තිබුණ හොඳම විදියනෙ එහෙ මෙහෙ ඇවිදින්න යන එක.

බැන්දට පස්සේ එහෙ මෙහෙ ඇවිදින්න යන එකෙනුත් ඔයාලගේ ඒකාකාරී ජීවිතේට අලුත් වෙනසක් එකතු කරාවි.

වාහනයක් තියෙනම් එක දවසෙ රෝඩ් ට්‍රිප්ස් යන්න ඔයාලට පුලුවන්. එහෙම නැත්තම් දෙන්නත් එක්කම බස් එකේ කෝච්චියේ වුණත් යන්න පුළුවන්.

මේ ගමන් ගොඩක්ම දුර ගමන් වෙන්න ඕන නෑ. කොළඹ අවට නම් දෙන්නත් එක්ක එකතුවෙලා කන්න මොනවහරි ටිකක් හදාගෙන විහාරමහා දේවි උද්‍යානයට පොඩි පික්නික් එකක් යන්න.

එහෙමත් නැත්තම් දිය සරු උයනට, දියතට වගේ යන්නත් පුළුවන්.

දුර ගමනක් යන්න ඉඩ තියෙන වෙලාවක නම් සීතාවක තෙත් බිම් උද්‍යානය, එහෙමත් නැත්තම් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, ජෙෆ්‍රි බාවාගේ ලස්සනම ලස්සන උද්‍යානය සහ නිවස බලන්න යන්නත් ඔයාලට පුළුවන්.

යන අතරමග පොඩි හෝටලේකින් හරි පාරෙ අයිනෙ තියෙන පුංචි රොටි කඩේකින් රොටියි ප්ලේන්ටි යි කෑව බිව්ව වුණත් ඒ ගමනෙන් ජීවිතේට එකතු වෙන රස වචනවලින් කියන්න බැරි තරම්.

ජෙෆ්‍රි බාවාගේ ගෙදර බලන්න යනවා නම් එතනින්ම දවල්ට කන්නත් පුළුවන්.

රසම රස සිංහල හාලේ බතට, පරිප්පු, වම්බටු මෝජු, ගොටුකොල සම්බල්, පපඩම්, අල බැදුම් එකතු වෙච්ච රසම රස බත් එකක් කන ගමන්, ඔයා මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන කෙනා එක්ක ඒ වටපිටාවේ ලස්සන විඳින්නත් අමතක කරන්න එපා.

ලෝන්ග් වීකෙන්ඩ්ස් වල පොඩි ට්‍රිප් එකක්

‍යාළු වෙලා හිටපු කාලේ වගේම කසාද ජීවිතේ ඇතුලෙත් සතුට, තෘප්තිය තියාගන්න පුළුවන් තවත් විදියක් තමයි මේ විදියට යන පුංචි ට්‍රිප්.

ඔයාලගේ බජට් එකට අනුව ලංකාවේ ඕනම දිහාවක තියෙන ඕනම ලස්සන තැනකට ඔයාලා දෙන්න යන්නම ඕන වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි රස්සාවෙ වැඩ, ගෙදර දොරේ වැඩ එක්ක කාර්‍යබහුල වෙලා තියෙන ඔයාගේ ඇඟටයි හිතටයි නිදහසක් දෙන්න.

ඒ නිදහස එක්ක ආදරේ රස උපරිමේටම විඳින්න.

අලුත් තැනක් බලන්න, අලුත් කෑමක් රස විඳින්න, ආදරේ අලුත් කරගන්න.

නිතරම අඳින්න වෙන්නෙ නැති විදියෙ ලස්සන ඇඳුම්, ස්විමිං කිට්ස් එහෙමත් අරගෙන, යන අතරමගින් එක එක කඩචෝරු කකා, ජීවිතේ ගැන අනං මනං කියව කියව යන ගමන ඔයාලා දෙන්නව ආයෙම ආදරේ කරපු කාලෙට ගෙනියන බව නම් අපිට සහතිකයි.

අනික ඒ යන අතරවාරේ මොනතරම් දේවල් දකින්න ලැබෙනවද? මොනතරම් දේවල් කතාකරන්න ඉඩක් ලැබෙනවද?

සමහර වෙලාවට කාලයක් තිස්සෙ හිතට වද දිදී තිබුණ ප්‍රශ්නයක් දිහා අලුත් විදියට බලන්න, එයාත් එක්ක කතාකරන්න ලැබෙන හොඳම වෙලාව ඒ ගමන වෙන්නත් පුළුවන්.

දෙන්නත් එක්ක එකතු වෙලා උයන්න

ආදරේ කරන කෙනෙක් එක්ක එකතු වෙලා කෑම උයන එක සහ කන එක සතුටු හෝමෝන නිපදවන්න හේතුවක් බව දන්නවද?

ඉතින් කාර්‍යබහුල ජීවිතේ ඉඩක් ලැබෙන වෙලාවට දෙන්නත් එක්ක එකතු වෙලා උයන්න. මහ ලොකු දෙයක් නෙවෙයි. පොඩි පැස්ටා එකක්, මික්ස්ඩ් රයිස් එකක්, පොඩි ප්ලැටර් එකක් වගේ හදන්න.

චැට් එකක් දාන ගමන්, එහෙම නැත්තම් නෙට්ෆ්ලික්ස් බලන ගමන් ඒ කෑම එක්ක දෙන්නත් එක්කම රස විඳින්න.

ඒ වගේ වෙලාවකට යූස් කරන්න ඕන නම් පොඩි වයින් එකක්, බියර් එකක් වුණත් ගෙදර ගෙනැල්ල තියාගන්න.

බොන්නෙ නැති දෙන්නෙක් නම් කෝපි එකක් හරි ෆෘට් ජූස් එකක් හරි හදාගන්න.

එලවලු කපද්දි, කෑම උයද්දි, උයන්න ඕන කරන බඩු ගන්න මාකට් යද්දි කරන පුංචි විහිලු, ආදර සිප ගැනීම, අතැඟිලි වලින් අල්ලා ගැනීම් එක්ක කසාද ජීවිතේ ඇතුලෙත් ඔයාලගේ පෙම්වත් ජිවිතේ දිගටම පවත්වාගෙන යන්න ඔයාලට ඉඩක් ලැබේවි.

ආදරේ කරන මිනිස්සු එක්ක ආදරේ විඳින්න වෙනම වෙලාවක් කියල දෙයක් වෙන් කරන්න උවමනා නෑ.

ඒත් රැකියාව, ඉගෙනීම, ගෙදර දොරේ වැඩ එක්ක කාර්‍යබහුල ඔයාගේ ජීවිතේ ඇතුලෙ ආදරේ කරන්නත් වෙනම වෙලාවක් වෙන් කරන්න වෙන එක අද කාලෙ හැටියට සාමාන්‍යයි.

ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල්වලින් යාළු වෙලා හිටපු කාලේ වගේම කසාද බැන්දට පස්සෙත් ආදරය පිරුණු, ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්න ඔයාලට ඉඩ ලැබෙනවා.

හදවත ආදරයෙන් පිරිලා නම් ඒ හිත හැමදාමත් තරුණයි.

ඒ ආදරේ පිරුණ තරුණ හිත ඔයාගේ ජීවිතය හැමදාමත් පුරවාවි.

ඉතින් ආදරේ ඉතිරෙන නිමේෂයන් පිරුණු ලස්සන ජීවිතයකට සුබ පැතුම්!

සටහන – උදතාරී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *